පළමු පාසල් වාරයේ දෙවන අදියර අද සිට

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද සිට

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

පසුගිය මාර්තු 17 වැනිදා ඇරඹි සාමාන්‍ය පෙළ විභාගය නිමිත්තෙන් පළමු පාසල් වාරයේ පළමු අදියර මාර්තු මස 14 වැනිදා අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද (01) දින නිවාඩු ලබා දීමට තීරණය කර ඇති අතර හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වැනිදා තෙක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තෙවැනි පාසැල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර, ඒ අනුව පළමු අදියර අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 දක්වාත්, දෙවැනි අදියර නොවැම්බර් 17 සිට දෙසැම්බර් 19 තෙක් පවත්වයි.

Share This