
පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7 ක විශිෂ්ට ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයෙන් කඩුළු 7 ක් විශිෂ්ට ජයක් හිමිකර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 5 ක් දැවී ලකුණු 154 ක ලැබුවා.
පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ කඩුළු 2 ක් දවා ගත් අතර නුවන් තුෂාර,දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.
පැතුම් නිශ්ශංක ලකුණු 42 ක ලැබුවේ පන්දු 16 ක දීයි.
කුසල් මෙන්ඩිස් පන්දු 51 කින් ලකුණු 78 ක ලබා ගත්තා.
ජයග්‍රහනයට ලකුණු දෙකක් තිබිය දී නායක චරිත් අසලංක එල්ල කළ දැවැන්ත 6 පහරකින් ජය තහවුරු කළා.
ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 159 ක ලබා ජය තහවුරු කර ගත්තා.