
පළාත් පාලන ආයතන 216 බලය මාලිමාවට
මෙවර පළාත් පාලන මැතිවණයේ බහුතර බලයක් හිමි නොවූ ආයතන ඇතුලුව ජාතික ජන බලවේගය ඊයේ දිනය වන විට පළාත් පාලන ආයත්න 216 ක බලය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන පාලන බලය හිමිව ඇත්තේ 31 ක පමණයි.
මේ වන විට එක් එක් පක්ෂ විසින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවා ඇති ආකාරය මෙසේයි.
ඡනද විමසීම කල් ගිය පළාත් පාලන ආයතන 09 ක් තවමත් පවතිනවා.
ජාතික ජන බලවේගය 216
සමගි ජන බලවේගය 31
ශ්‍රී ලංකා ජන පෙරමුණ 04
ඉලංකෙයි තමිල් අරසු කච්චි 19
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 04
ලංකා කම්කරු කොංග්‍රසය 03
පොදු ජන එක්සත් පෙරමුණ 02
වෙනත් 17
ඡන්ද විමසීම කල් ගිය
පළාත් පාලන ආයතන 09
එකතුව 305