පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ඉදිරියේදී

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ඉදිරියේදී

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය මෙන් ම ප්‍රාදේශීය සභා මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසනවා

අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නඩු තීන්දුව කතානායකවරයාට ලබා දීමට නියමිත වන බව පැවසූ ඒ මහතා ප්‍රාදේශීය සභා පනතේ සිදු කළ යුකු සංශෝධනවලින් අනතුරුව එම මැතිවරණය ද පැවැත්වීමට කටයුතු කරන බව බවයි ඔහු පැවසුවේ

එමෙන්ම පැවැති ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් තිදෙනෙක් සහ ඇතුලු දේශපාලන පක්ෂ , ස්වාධීන කණ්ඩායම් 13ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව ද ඔහු එහිදී කියා සිටියා

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 1064 ක පිරිසක් ද ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර කොමිෂන් සභාවේ වගකීම වන්නේ ආදායම් වියදම් වාර්තා ප්‍රදර්ශනය කිරීම සහ එම වාර්තා ලබා නොදුන් පිරිස් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම බවද අවධාරණය කළා

Share This