
පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට රජයේ විශේෂ අවධානයක්
පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා
ඒ ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (30) පළාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණට එක් වූ අවස්ථාවේදීයි
එමෙන්ම පළාලි ගුවන්තොටුපොළට අයත් සියලුම අංශවල කාර්ය මණ්ඩල හමු වී ඔවුන් සමඟ සාකච්ඡා කර මේ වන විට පවත්නා පහසුකම් ගැන සොයා බලා ඇති අතර හැම අංශයකම සංවර්ධනයක් කර වැඩි දියුණු කරන්නට අවශ්‍ය උපදෙස් හා සහාය රජයෙන් ලබා දෙන බව එහි දී අමාත්‍යවරයා කියා සිටියා
විශේෂයෙන් ම දැනට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන යාපනය ආශ්‍රිත සංචාරකයන්ට එතැන්සිට දේශීය ගුවන්වාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවන අතර මෙම ගුවන්තොටුපොළ අන්තර්ජාතික වශයෙන් දියුණු කළ බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා
ඒ සදහා ගුවන් පථය දික් කළ යුතු අතර ආරක්ෂිතව ගමන් කළ හැකි සුදුසු පර්යන්තයක් සකස්කළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ