
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා යුනෙස්කෝ ආයතනය එක්ව සම්බුදු තෙමඟුල සමරයි (PHOTOS)
සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් දිනය නිමිත්තෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා යුනෙස්කෝ ආයතනය එක්ව සුවිශේෂී උත්සවයක් සංවිධාන තිබුණා.
එම වෙසක් උත්සවය පැවැත්වුණේ ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ ජාත්‍යන්තර ආයතනයේදී .
එහිදී ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් සීල සමාදානමය පිංකමක්ද පැවැත්වුණා.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පරවාහැර චන්දරතන නායක හිමි මෙහිදී සුවිශේෂී ධර්ම දේශනාමය පිංකමක්ද සිදුකරනු ලැබුවා.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මනිෂා ගුණසේකර මහත්මිය ඇතුලු තවත් සැදැහැවතුන් බොහෝදෙනෙක් ඊට එක්ව සිටියා.