ප්‍රංශ ජනපති කළ ඉල්ලීම

ප්‍රංශ ජනපති කළ ඉල්ලීම

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron පවසනවා.

එමෙන්ම සටන් විරාමයට සහාය දෙන ලෙස එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලය තම ආරක්ෂාව තර කරගැනීම අනුමත කරන අතර හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා ද හෙළා දකින බව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ළදරුවන්, කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන් බෝම්බ හෙළා ඝාතනය කිරීමට ඊශ්‍රායලයට හේතුවක් හෝ නීත්‍යානුකූල භාවයක් නොමැති බැවින් ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙසයි ප්‍රංශ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ.

Share This