ප්‍රංශ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් තවදුරටත් – 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ප්‍රංශ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් තවදුරටත් – 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ප්‍රංශ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර තුන්වන දිනය පුරාවටත් ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ ඇල්ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි Nahel M නැමැති තරුණයාව පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීමත් සමගයි

ප්‍රංශ පොලිසියේ අණ නොතකා වාහනය නැවැත්වීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට රිය පැදවීම නිසා මොහුට වෙඩි තැබූ බවයි එරට පොලිසිය සඳහන් කර තිබුණේ

නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ප්‍රංශය පුරා පොලිස් නිලධාරීන් 40,000ක් පමණ යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Nahel M තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා පවුලේ අයගෙන් සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

 

Share This