ප්‍රංශ බන්ධනාගාර වෑන් රථයකට ප්‍රහාරයක් – නිලධාරීන් දෙදෙනෙක් මරුට

ප්‍රංශ බන්ධනාගාර වෑන් රථයකට ප්‍රහාරයක් – නිලධාරීන් දෙදෙනෙක් මරුට

ප්‍රංශයේ නෝමන්ඩි හි රූවන් අසලදී බන්ධනාගාර වෑන් රථයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ වෑන් රථයේ ප්‍රවාහනය කරමින් සිටි රැඳවියෙකු ප්‍රහාරකයන් සමග පැන ගොස් ඇති බවයි.

එම වෑන් රථයේ සිටි තවත් නිලධාරීන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ප්‍රංශ අධිකරණ අමාත්‍ය Eric Dupond-Moretti පවසනවා.

ඒ නිසා තමන් අධිකරණ අමාත්‍යාංශයේ අර්බුද ඒකකය කැඳවන බවයි ඔහු කියා සිටියේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් පවසන්නේ මෙම අපරාධකරුවන් සොයා ගැනීම සඳහා සියලු උපක්‍රම යොදවා ඇති බවයි.

අද (14) උදෑසන Rouen හි පැවති නඩු විභාගයකට සහභාගී වීමෙන් පසු රැඳවියා Évreux නගරයේ බන්ධනාගාරය වෙත ආපසු ගෙන යමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This