ප්‍රංශ මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට

ප්‍රංශ මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට

ප්‍රංශයේ පැවැත්වෙන මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයේ බලය අඩු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ සන්ධානය පළමු අදියරයේ දී තුන්වන ස්ථානයට පත්ව ඇති අතර 33%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමින් ආර්.එන්. පක්ෂය ඉදිරියෙන් පසුවනවා.

ජනපති මැක්රොන්ගේ සන්ධානයට හිමිව ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

මහ මැතිවරණයේ දෙවන අදියර ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This