ප්‍රථමවරට එක්සත් රාජධානියේ ආධාර සැපයුම් ගාසා තීරයට ගුවනින්

ප්‍රථමවරට එක්සත් රාජධානියේ ආධාර සැපයුම් ගාසා තීරයට ගුවනින්

ජෝර්දානය සමග ගිවිසුමකට එළඹීමෙන් පසු සහ යුද්ධය ආරම්භවීමෙන් පසු පළමුවරට එක්සත් රාජධානිය ගාසා තීරයට ගුවනින් ආධාර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

ඒ අනුව ජෝර්දාන ගුවන් හමුදාවේ ගුවන් යානයකින් ඖෂධ, ආහාර සහ ඉන්ධන ඇතුළු සැපයුම් ටොන් හතරක් ගාසා තීරයට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ

පැරෂුට්වල සවිකළ සැපයුම් පැකේජ උතුරු ගාසා තීරයේ Tal Al-Hawa රෝහල වෙත ලැබී ඇති බවද සඳහන්

මෙම ආධාර ජීවිත බේරා ගැනීමට සහ රෝහල පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් David Cameron පවසා තිබෙනවා

එක්සත් රාජධානිය මෙතෙක් ගාසා තීරයට ආධාර එවා ඇත්තේ ගොඩබිම සහ මුහුදෙන් පමණක් වන නමුත් උතුරු ගාසා තීරයේ මාස පහකට ආසන්න කාලයක් පවතින යුද්ධයකින් පසු ඊට ළඟා විය නොහැකි තත්ත්වයක් තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ

මේ අතර ලෝක ආහාර වැඩසටහන එහි ආධාර බෙදා හැරීම අත්හිටුවා තිබෙනවා

ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදා රැඳී සිටින අතර ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට දකුණු ප්‍රදේශයට යාමට බල කෙරුණා .

කෙසේ වෙතත්, ඇස්තමේන්තුගත 300,000 පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ රැඳී සිටින අතර එක්සත් ජාතීන් මාස ගණනාවක් තිස්සේ එහි සාගතයක් ඇති වන බවට අනතුරු අඟවා තිබෙනවා

Share This