ප්‍රදේශ කිහිපයකට අද සිට වැසි වැඩි වෙයි

ප්‍රදේශ කිහිපයකට අද සිට වැසි වැඩි වෙයි

අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

Share This