හෙට ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

වත්තල ප්‍රාදේශීය සභා සහ වත්තල – මාබෝල නගර සභා බල ප්‍රදේශ ඇතුළු  ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (11) පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට නියමිතය.

ඒ අනුව  පෑලියගොඩ, ජා ඇළ, සීදුව,  වත්තල- මාබෝල නගර සභා බලප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ, වත්තල  ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කරන බව එම මණ්ඩලය පවසයි .

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍යතා පරිදි ජලය රැස් කර තබා ගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

Share This