ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

පළාත් කිහිපයකට අද (03) රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිව තද සුළං ඇති විය හැකි බව සඳහන්.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.

Share This