
ප්රබල Lyca’s Jaffna Kings හමුවේ Colombo Strikers පරාජය වෙයි
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ අද(30) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ප්රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
ඒ Colombo Strikers පරදා ලකුණු 21 කින්.
පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 173ක් ලබා ගත් අතර ඒ අනුව Colombo Strikers කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේ වෙතත් එම කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 152ක් පමණයි.
ඒ පන්දු වාර 19යි පන්දු 04ක් අවසානයේදියි.
ප්රබල Lyca’s Jaffna Kings කණ්ඩායම ඒ අනුව පළමු තරගයේ ජය වාර්තා කළා.
අද තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායම දිනා ගත් අතර ඔවුන්ගේ ආරාධනයට අනුවයි Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නේ.
මේ අතර, තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
අද තරගයේ ලකුණු සටහන පහතින්


