
ප්‍රභාකරන් ගේ සැගවූ ගිනි අවි සහ රත්‍රං සොයා පුදුකුඩීඉරිප්පු හි පොලීසිය කැනීම්වල
පුදුකුඩීඉරිප්පු මණ්ඩුවිල් ප්‍රදේශයේ භූගත බංකරයක් තුල එල්.ටී.ටී.සංවිධානයේ සාමාජිකයින් භාවිත කළ බවට සැක කෙරෙන අවි ආයුධ සහ රත්‍රං තොගයක් සොයා පුදුකුඩිඉරිප්පු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අද උදෑසන කැනීම් ආරම්භ කර තිබෙනවා.
ඒ පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.