ප්‍රභාත්ගෙන් කඩුලු 10ක් – අයර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ප්‍රභාත්ගෙන් කඩුලු 10ක් – අයර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් වුණා.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබාගත් අතර අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 143ක් ද දෙවන ඉනිම සඳහා ලකුණු 168ක් ද ලබා ගැනීමට සමත් වුණා.

අයර්ලන්ත පළමු ඉනිමේදී කඩුලු 07ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදී කඩුලු 03ක් ලබා ගැනීමට සමත්කම් දක්වනු ලැබුවා.

Share This