ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 80 හැවිරිදි වියේ පසු වුණා.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි ප්‍රියා සූරියසේන මහතා “හරියනකොට ඔහොම තමයි” චිත්‍රපටය හරහා සිනමා ගීත ගායනයට අවතීර්ණ වුණා.

රසික ආදරයට නොමඳ පාත්‍ර වූ ඒ මහතාගේ නිර්මාණ වූ ඈත රන් විමන්, රටකින් එහා, මගේ ලැමඳ, හදවත ඉල්ලා, මොහොතක සුව දෙන, ලිහිණින් රෑන පියා සලන්නේ, ආදරණීය නේරංජනා, ඇසුරින් මිදීලා, මට වාසනා, සඳ තාරකා හඬාවී, අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා යනාදී වූ ගීත රැසක් මහත් ජනාදරයට පත් වුණා.

අභාවප්‍රාප්ත ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

Share This