ප්‍රහාරයකින් නයිජීරියානු ආරක්ෂක අංශ සාමාජිකයින් 26ක් මරුට

ප්‍රහාරයකින් නයිජීරියානු ආරක්ෂක අංශ සාමාජිකයින් 26ක් මරුට

මධ්‍යම නයිජීරියාවේදී තුවක්කුකරුවන් විසින් සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියානු ආරක්ෂක අංශ සාමාජිකයින් 26 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා මූලාශ්‍ර දෙකක් AFP පුවත් සේවය වෙත පවසා තිබෙනවා

මීට අමතරව, ගුවන් හමුදා ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ හමුදාව ප්‍රතිවාදී කණ්ඩායම් සමග සටන් කරන ප්‍රදේශයට තුවාල ලැබූවන් බේරා ගැනීම සඳහා පිටත්ව ගිය හෙලිකොප්ටරයක් කඩා වැටුණු බවයි.

ප්‍රතිවාදී කණ්ඩායම්වල වෙඩි තැබීම් හේතුවෙන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

හෙලිකොප්ටර් යානය Zungeru ප්‍රාථමික පාසලෙන් කඩුනා බලා පිටත්ව ගොස් ඇති නමුත් පසුව නයිජර් ප්‍රාන්තයේ Shiroro පළාත් පාලන ප්‍රදේශයේ Chukuba ගම්මානය අසලදී කඩා වැටී ඇති බව සොයා ගත් බවයි පැවසෙන්නේ

එහි සිටි පිරිස බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අනතුරට හේතුව පිළිබඳව මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් වනවා

Share This