ප්‍රාණ ඇපකරුවන් සොයා සිදු කළ මෙහෙයුමකදී ඊශ්‍රායල සෙබළෙකු මරුට – තිදෙනෙකුට තුවාල

ප්‍රාණ ඇපකරුවන් සොයා සිදු කළ මෙහෙයුමකදී ඊශ්‍රායල සෙබළෙකු මරුට – තිදෙනෙකුට තුවාල

ගාසා තීරයේ හමාස් විසින් පාලනය කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව ගාසා තීරය හරහා එල්ලවූ ප්‍රහාරවලින් විශාල සංඛ්‍යාවක් මිය ගොස් හෝ තුවාල ලබා තිබෙනවා

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඊයේ(22) රාත්‍රියේ සහ අද (23) අලුයම මෙම ප්‍රහාර එල්ල වූ බවයි.

එයින් මියගිය සංඛ්‍යාව නිශ්චිතව දක්වා නැහැ

අනතුරු ඇඟවීමක් සිදු නොකල හෙයින් නිවාස ගණනාවකට හානි සිදුව තිබෙනවා

මේ අතර ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සොයා සිදු කළ ප්‍රාදේශීය වැටලීමකදී ඊශ්‍රායල සෙබළෙකු මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවසනවා

ප්‍රහාරයෙන් තවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා සොල්දාදුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ .

Share This