ප්‍රාණ ඇපකරුවන් 150 ක් පමණ ගාසා හි රඳවා සිටිනවා – එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති

ප්‍රාණ ඇපකරුවන් 150 ක් පමණ ගාසා හි රඳවා සිටිනවා – එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති

ඊශ්‍රායලයෙන් පැහැරගෙන ගොස් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් රඳවා සිටින බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් පවසනවා

එමෙන්ම ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා තිබෙන්නේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකුගේ පවුල්වලට හමුදාව විසින් දැනුම් දී ඇති බවයි.

ඊශ‍්‍රායලය මීළඟට කුමක් කරනු ඇත්ද යන්න පැහැදිලි කර නැති නමුත් ගාසා තීරයට ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන්නේද යන්න පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා

මේ අතර ඊශ්‍රායලය එම ප්‍රදේශයට බෝම්බ හෙළමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව මේ වන විට පුද්ගලයින් 700 ඉක්මවා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය අය අතර ළමුන් 100කට අධික සංඛ්‍යාවක් සහ කාන්තාවන් 100කට අධික සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වන්නේ

හමාස් අණදෙන නිලධාරියාට අයත් නිවසක් ඊශ්‍රායලයෙන් ඉලක්ක කිරීමේදී පාරේ සහ අවට නිවාසවල බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙන බවද සඳහන්

Share This