
ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුල් තැන දෙමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ නව පරිවර්තනයක්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු 04ක ආයතන 41ක් වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා.
ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද විමසීමට ලක් කර ඇති අතර දැනට පුද්ගලයන් 30,000 කට 01ක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000කට 01ක් වන අයුරින් සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබෙන බව මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
වත්මන් තාක්ෂණික සහ සමාජයීය තත්ත්වයන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජනය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදි සාකච්ඡා කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ යටිතල පහසුකම් සැපයීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.
දැනට සෞඛ්‍ය ක්ෂේත්රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වන උපකරණ මිලදී ගැනීමේදී, ආයුර්වේද ක්ෂේත්රයද ඇතුළත්වන පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.
ජාතික රුධිර පාරවිලන සේවය ආදී සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පැවසුවා.
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
දැනට දිවයිනේ ස්ථාන 272ක ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ස්ථාන 400 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.