ප්‍රංශයේ එන්නත් නොකළ අය ගැන එරට ජනපති ගත් තීරණය

ප්‍රංශයේ එන්නත් නොකළ අය ගැන එරට ජනපති ගත් තීරණය

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්  ප්‍රංශයේ Covid-19 එන්නත ලබා නොගත් පුද්ගලයින්ගේ ජීවිතය දුෂ්කර කිරීමට තමා අදහස් කරන බව පවසමින් අනතුරු අඟවා තිබෙනවා.

වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ “මම එන්නත් නොකළ පුද්ගලයින් සිරගෙට යවන්නේ නැහැ නමුත් ඔවුන්ට කියන්න ඕන ජනවාරි 15 ​​සිට, ඔබට තවදුරටත් අවන්හලට යාමට නොහැකි වනවා

ඔබට තවදුරටත් රඟහලට යාමට නොහැකි වනවා  තවදුරටත් සිනමා ශාලාවට යන්න බැහැ.”යනුවෙන්

එමෙන්ම  “බලහත්කාරයෙන් එන්නත් නොකරනු ඇති  නමුත් සමාජ ජීවිතයේ ක්‍රියාකාරකම් සඳහා ජනතාවට ඇති ප්‍රවේශය හැකිතාක් සීමා කිරීමෙන් මිනිසුන්ව පොළඹවා ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරනවා

එන්නත් නොකළ අයට කරදර කිරීම සම්බන්ධයෙන් මැක්‍රොන් මහතා භාවිතා කළ භාෂාව විපක්ෂයේ දේශපාලනඥයින්ගෙන් දැඩි ප්‍රතිචාරයක් ඇතිව තිබෙනවා

එහෙත් දේශපාලන විරුද්ධවාදීන් පැවසුවේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු භාවිතා කළ ප්‍රබල භාෂාව ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එරෙහිව ඒකරාශී වීම නිසා කොවිඩ් සම්මත කිරීම් පිළිබඳ පනත් කෙටුම්පතක් ප්‍රමාද වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළ කර ඇති බවයි පැවසෙන්නේ

මේ අතර ප්‍රංශය මාස ගණනාවක් තිස්සේ බොහෝ පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීම සඳහා එන්නත පිළිබඳ සාක්ෂි හෝ සෘණ කොවිඩ් පරීක්ෂණයක ප්‍රතිපල පෙන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා

Share This