
පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක්
වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දකුණු වසිරිස්තානයේ කයිබර් පක්තුන්ක්වා හි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.
එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි.
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු බව සඳහන්.
ප්‍රහාරය කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය කාලයේ ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන දේශසීමා ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න වෙමින් පැවතුණ බවද සඳහන්.