පාකිස්තානයේ හදිසි පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ සිදුවූ පිපිරීමකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලීසිය සඳහන් කරනවා.
මෙසේ පුපුරා ගොස් ඇත්තේ පෝලියෝ එන්නත් තොගයක් රැගෙන ගිය පොලිස් රථයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය අය අතර එක් පොලිස් නිලධාරියෙකු ද වන අතර තවත් පුද්ගලයින් 23 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති බව සඳහන්.
Mastung නගරයේ බාලිකා පාසලක් අසල නවතා තිබූ යතුරුපැදියක සවිකර තිබූ උපකරණයකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි එරට පොලීසිය වැඩිදුරටත්