පාකිස්ථානයෙන් හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයින් පිරිසක් සමඟින් තවත් ආධාර තොගයක්

පාකිස්ථානයෙන් හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයින් පිරිසක් සමඟින් තවත් ආධාර තොගයක්

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් සී-130 වර්ගයේ ගුවන් යානයක් ද කටුනායක ගුවන්තොටුපළට ළඟා වුණා.

ඒ සමඟ පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයින් 47 දෙනෙකු ද මෙරටට එවා තිබූ අතර කූඩාරම් , ජීවිතාරක්ෂක ජැකට්, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළඳරු කිරිපිටි සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත් වනවා.

පාකිස්තාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටින අතර මෙලෙස පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්තානය කටයුතු කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් අතර පැවති සාකච්ඡාවලින් පසුවයි.

Share This