පාකිස්ථානයේ පිපිරීමකින් 20ක් මරුට – 50කට වැඩි පිරිසකට තුවාල

පාකිස්ථානයේ පිපිරීමකින් 20ක් මරුට – 50කට වැඩි පිරිසකට තුවාල

පාකිස්ථානයේ පිපිරීමකින් අවම වශයෙන් 20 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බලුකිස්තානයේ නිරිතදිග පළාතේ ආගමික ස්ථානයක් අසලදී මෙම පිපිරීම සිදුවූ බවයි එරට පොලිසිය පවසන්නේ

එය මස්තුං නගරයේ ආගමික රැස්වීමක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවටද පොලිසිය සැක පළ කරනවා

බලධාරීන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තුවාල ලැබූවන් රෝහල් දෙකක් වෙත රැගෙන ගොස් ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ

Share This