පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට පහර දීමක් – නිලධාරීන් 10ක් මරුට

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට පහර දීමක් – නිලධාරීන් 10ක් මරුට

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට සටන්කාමීන් විසින් පහරදීමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පාකිස්ථානයේ ඡන්දය පැවැත්වීමට දින කිහිපයකට පෙර මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රහාරයෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වනවා

30කට වැඩි ත්‍රස්තවාදීන් තුන් දිශාවකින් ප්‍රහාර එල්ල කර ඇති අතර පැය දෙකහමාරකට වැඩි කාලයක් වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි පවසේනෙන්

Dera Ismail Khan දිස්ත්‍රික්කයේ Chaudhwan පොලිස් ස්ථානයටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී ඡන්දදායකයින්ගේ ආරක්ෂාව සඳහා දහස් ගණනක් ආරක්ෂක නිලධාරීන් රට පුරා යොදවනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This