පාකිස්ථානයේ බන්ධනාගාරවල හතරෙන් එකක් මතේ ගිලේ

පාකිස්ථානයේ බන්ධනාගාරවල හතරෙන් එකක් මතේ ගිලේ

පකිස්ථානයේ ලාහෝර් සහ රාවල්පිණ්ඩි බන්ධනාගාරවල රඳවා සිටින රැදවියන්ගෙන් සියයට 25 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ රාවල්පිණ්ඩි හි Adiala බන්ධනාගාරයෙන් සහ ලාහෝර්හි දිස්ත්‍රික් බන්ධනාගාරයෙන් ද මෙම තත්ත්වය වාර්තා වන බවයි.

එ අනුව ලාහෝර් දිස්ත්‍රික් බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් 3800 ක පමණ පිරිසෙන් 900 දෙනෙකු පමණ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් වන බවත්, Adiala බන්ධනාගාරයේ රදවා සිටින පිරිසෙන් 1404 දෙනෙකු පමණ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් වන බව එම වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

එමෙන්ම Adiala බන්ධනාගාරය තුළ රැඳවිය හැක්කේ රැඳවියන් 2174 දෙනෙකු පමණක් වුවත් මේවනවිට එහි රැදවියන් 6098 දෙනෙකු රඳවා සිටින බව ද මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම පෙන්වා දෙයි.

එමෙන්ම රාවල්පිණ්ඩි බන්ධනාගාරයෙන් පහරදීම් සහ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් ද වාර්තා වන බව එම වාර්තාවේ සඳහන්.

අදාල සිද්ධි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් අපොහොසත් වී ඇති බවට ද අදාල වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් සිරකරුවන් මුදල් ලබා දී බන්ධනාගාර තුළ පහසුකම් ලබා ගැනීමට පෙළඹී සිටින බව ද අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Share This