පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නඩු 12කින් ඇප

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නඩු 12කින් ඇප

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නඩු 12කින් ඇප හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් තවත් නඩු කිහිපයකට වරදකරු වීම හේතුවෙන් ඔහුට තවදුරටත් බන්ධනාගාරගතව සිටීමට සිදු වනු ඇති බව සඳහන්

පැවති මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්‍ෂයේ සහාය ලබන ස්වාධීන මන්ත්‍රීවරුන් ජාතික සභාවේ ආසන 100කට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමෙන් දිනකට පසුව අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා

මීට අමතරව පාකිස්ථානයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට ද නඩු 13ක් සම්බන්ධයෙන් ඇප නියම කර ඇති බව සඳහන්

කෙසේ වෙතත් ඔහුට ද තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This