පාකිස්ථානයේ හිම කුණාටුවකින් 22ක් ජීවිතක්ෂයට(VIDEO)
පාකිස්ථානයේ මේ දිනවල පවතින අධික හිම පතනය හේතුවෙන් බොහෝ දෙනා දැඩි අසීරුතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වනවා
හිම කුණාටුවකින් පසු අගනුවරට උතුරින් නගරය සහ ඉන් පිටත මාර්ග අවහිර වූ අතර වාහන 1,000 ක් පමණ අතරමං වූ අතර විශාල පවුල් දෙකක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 22 ක් මිය ගිය බවයි පැවසෙන්නේ.
මේ අතරතුරේදී පැය ගණනක් සිය මෝටර් රථය තුළ සිරවී සිටි සංචාරකයෙක් උදව් බලාපොරොත්තුවෙන් සිටියදී තමා ඉදිරියේ “මරණය දුටු” ආකාරය විස්තර කර තිබෙනවා
සමීනා බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ මුරේ වෙත යාමට තම නිවසින් පිටත් වූ නමුත් වැඩි වේලාවක් නොගොස් හිම පතනය සමග සිරවී සිටින අය අතරට තමාද පැමිණි බවයි.
“මට ඉදිරියෙන් මරණය පෙනෙනවා,අපේ කාර් එක වටේ හිම කඳු හදලා තියෙනවා වගේ. මම මේ යන්නේ කොහෙටද කියලා මට වචනයෙන් විස්තර කරන්න බැහැ.අපි දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් සිටියේ අපට උපකාර කරන ලෙසටත් , හිම කුණාටුවකින් අප විනාශ නොවිය යුතු බවටත් පවසමින් ”
ඇය සහ තවත් පවුලේ සාමාජිකයින් සහ මිතුරන් 13 දෙනෙකු තම මෝටර් රථ අතහැර සැතපුම් (1.5km) පමණ දුරක් පා ගමනින් ගොස් ඔවුන්ට නවාතැන් සොයා ගැනීමෙන් පසු දිවි බේරාගත් බවයි පැවසෙන්නේ
Nathiagali හි නිලධාරියෙකු වන Tariq Ullah පවසන පරිදි, පැය කිහිපයක් ඇතුළත හිම කුණාටුව මීටර් 1.5 (අඩි 5) දක්වා හිම පතනයක් ඇති කර තිබෙනවා
මියගිය අය අතර ළමුන් 10 දෙනෙකු සිටින බව හදිසි සේවා ප්රකාශ කළ අතර, පස් දෙනෙකුගෙන් සහ අට දෙනෙකුගෙන් යුත් පවුල් දෙකක් ද සිටින බව සඳහන්
“අපට සමාජයෙන්, රජයෙන්, ගූගල් වෙතින්, ප්රවෘත්තිවලින්, කාලගුණයෙන් කිසිදු ආකාරයක අනතුරු ඇඟවීමක් ලැබුණේ නැහැ ,” යනුවෙන් ඉස්ලාමාබාද්හි සංචාරකයෙකු වන ඩුවා කෂිෆ් අලි AFP වෙත පවසා තිබෙන
දැඩි කාලගුණික අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්රියා කිරීමට අපොහොසත් වී ඇත්ද යන්න පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව පන්ජාබ් ප්රාන්ත රජය මේ අතර ප්රකාශ කර තිබෙනවා.