පාකිස්ථාන අගමැති Toshakhana හි තෑගි වෙන්දේසි කිරීමේ සූදානමක්

පාකිස්ථාන අගමැති Toshakhana හි තෑගි වෙන්දේසි කිරීමේ සූදානමක්

පාකිස්ථාන අගමැති Shehbaz Sharif විසින් Toshakhana හි තෑගි වෙන්දේසි කරන බව නිවේදනය කර තිබෙනවා

Toshakhana යනු 1974 දී පිහිටුවන ලද පාකිස්ථාන රජයේ කැබිනට් අංශය මගින් පාලනය වන රජයේ දෙපාර්තමේන්තුවක් වනවා

එහි පාලකයින්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සහ වෙනත් රජයන් සහ ප්‍රාන්තවල ප්‍රධානීන් සහ විදේශීය ප්‍රභූවරුන් විසින් ලබා දෙන වටිනා ත්‍යාග ගබඩා කර තබන්නේ එහි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Toshakhana තෑගි වෙන්දේසියෙන් උපයන මුදල් ඕනෑම දුප්පත් සහ අසරණ මිනිසුන් සඳහා යොදවන බවයි අගමැති Shehbaz Sharif සඳහන් කර ඇත්තේ

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට Toshakhana අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් හිමිවූ බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

Toshakahana තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුවෙන් දින කිහිපයකට පසු, පාකිස්ථාන අගමැති Shehbaz Sharif එහි තබා ඇති සියලුම තෑගි වෙන්දේසි කරන බව නිවේදනය කළ බවයි ARY පුවත් සේවය වාර්තා කරන්නේ

Share This