පාකිස්ථාන පොලීසිය PTI නායකයින් මර්ධනය කිරීමේ මෙහෙයුමක

පාකිස්ථාන පොලීසිය PTI නායකයින් මර්ධනය කිරීමේ මෙහෙයුමක

පාකිස්ථාන පොලීසිය විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සභාපතිත්වයෙන් යුත් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි)පක්ෂයේ නායකයින්ට එරෙහිව මර්ධනකාරී වැඩපිළිවෙලක් ගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පී ටී අයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරියක් වන ආචාර්ය ශිරීන් මසාරි ද පාකිස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ශිරීන් මසාරිගේ නිවස වැටලූ පොලිස් නිලධාරීන් එහිදී ඇයව අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ශිරීන් මසාරි අත්අඩංගුවට ගැනුණේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අසාද් උමාර්, ෆවාඩ් චෞද්‍රි, ෂා මෙහමුද් කුරේෂි, අලි මොහොමඩ් ඛාන් සහ සෙනෙට් සභික එජාස් චෞද්‍රි ඇතුළු තවත් පී ටී අයි නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා බව පවසමින් පොලීසිය පී ටී අයි පක්ෂයේ නායකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Share This