පාකිස්ථාන මැතිවරණය අද

පාකිස්ථාන මැතිවරණය අද

පාකිස්ථානයේ නව රජයක් පත්කිරීම සඳහාවන මැතිවරණය අද (08) පැවැත්වෙනවා

ඉහළ යන උද්ධමනය, ඉහල යන ප්‍රචණ්ඩත්වය සහ වංචා කිරීම් පිළිබඳ ප්‍රකාශ මධ්‍යයේ නව ආණ්ඩුවකට ඡන්දය දීමට මිලියන ගණනක් පාකිස්ථානුවන් අද මැතිවරණයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් මැතිවරණ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කළ යුතු බවද සඳහන් .

මිලියන 128 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර, එයින් අඩක් පමණ වයස අවුරුදු 35 ට අඩු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔවුන් අපේක්ෂකයින් 5,000කට වඩා තෝරා ගනු ඇති

පාකිස්ථාන Muslim League (Nawaz) (PML-N) සහ People’s Party (PPP) ඡන්දයට යන ප්‍රධාන පක්ෂ දෙක ලෙස සැලකෙනවා

ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන Tehreek-e-Insaf (PTI) පක්ෂයේ අපේක්ෂකයින් තෝරා ගැනීම වඩාත් දුෂ්කර වී ඇත්තේ, එහි සියලුම අපේක්ෂකයින් තරග කරන ක්‍රිකට් පිත්ත ලකුණ භාවිතා කිරීම තහනම් කිරීමෙන් පසුවයි .

හිටපු අගමැති, ක්‍රිකට් ක්‍රීඩක-දේශපාලකයෙකු වූ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසු මෙම මැතිවරණය පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ .

ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා මත සිරගත කරන ලද අතර ඔහුට මැතිවරණයට පෙනි සිටීම තහනම් කර තිබෙනවා

Share This