පාතාලයෙන් මරණ තර්ජන එනවා (VIDEO)

පාතාලයෙන් මරණ තර්ජන එනවා (VIDEO)

දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වනවා.

තමාට ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිසියට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිනවා.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බවත් පාතාලය මර්දනය කිරීමට යුක්තිය වැනි මෙහෙයුම් මගින් කටයුතු කිරීම නිසා මේවනවිට පාතාලයෙන් තමාගේ ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

 

Share This