
“පාතාලයේ සල්ලි එපා.. වෙඩිකාලා මැරෙන්න බැහැ…”
පොලිසිය විසින් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්රශ්නකර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා පිළිබඳව යන්න තොරතුරු වාර්තා වනවා.
ඒ අතරතුර, “පොලිසිය තමාගෙන් විමසීමක් කළ බව” කියන කතාව සත්යක් බව පියුමි විසින්ම තහවුරු කරනවා.
ඇය පවසන්නේ 2022 වසරේ සිට කෙහෙල්බද්දර පද්මේ හදුනන බවත් පද්මේ හා පියුමි ඡායාරූපද ගෙන ඇතිබවත් ඇය සඳහන් කරනවා.
හිතවත්කම කෙතරම් දුර ගියේද යන්න පිලිබඳ පියුමි පවසන පියුමි කියන්නේ, “සුදු වෙන්න වගේම ලස්සන වෙන්න ඔනෙ කියා…” කෙහෙල්බද්දර පද්මේ තමන් හා පැවසුව බවයි.
ඒ අවස්ථාවේ කෙහෙල්බද්දර පද්මේට පියුමි හංසමාලි අවංකවම තම උපදෙස් ලබාදී ඇති බව, පියුමි මුහුණු පොතේ සටහනක් තබමින් කියනවා.
එහෙත් CID මහත්තුරු පියුමි පද්මේ සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇතිද යන්න විමසු බවයි ඇය කියන්නෙ.
ඊට පිලිතුරු ලෙස පියුමි මුහුණු පොතේ සටහන් කර ඇත්තේ, “මම යකට ගැහැනියක්.. තනියම නැගිට්ට ගැහැනියක්…” කියාය.
“පියුමිගේ නිෂ්පාදනය” තිබෙන බවත් පවසන පියුමි, පාතාලයේ සල්ලි එපා.. කියා පවසනවා.
ඒවා අරන් වෙඩිකාලා මැරෙන්න බැහැ කියලත් පියුමි එහි සටහන් කර තිබෙනවා.