
පාතාල සාමාජිකයින් නිරීක්ෂණයට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා කටුනායකට
ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් සිව් දෙනා රැගත් ගුවන් යානය මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ළගා වූයේ රාත්‍රී 7.20ට පමණයි.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යන මහත්වරුන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක සහභාගීත්වයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
මෙරටට පැමිණි ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන්ටද මේ සදහා හිමි වූ සහාය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පතිවරයා සිය ස්තුතිය පළ කළ බව සැලයි.