
පානදුර නිලංගගේ මිනී මැරුම් කළ කෙරුමෝ දෙන්නෙක් ආයුධ සමග කොටු (VIDEO)
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංව්ධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනෙකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරු පැදියක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර අපරාධ කොට්ටාශය පැවසුවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සුරංග නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයෙකු සහ හොරණ ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බවයි.
පළමු සැකකරු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශන් කිරීමේ දී යතුරු පැදියේ ලියකියවිලි සොයාගෙන ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේ දී පානදුර, හිරණ, මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සදහා යොදාගත් යතුරු පැදියක් බවට හදුනාගෙන තිබෙනවා.
මීට අමතරව එම සැකකරු පානදුර නිලංග නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදි ලබාදීම, වෙඩි තැබීම් සඳහා සැලසුම් කිරීම, ගංජා ජාවාරම්, හෙරොයින් ජාවාරම් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙක් බව පොලීසිය සදහන් කළා.
ඔහු අරුගොඩ ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට තිබෙනවා.
ඇඹිලිපිටිය සුරංග නමැත්තාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී , පානදුර නිලංග නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සම්බන්ධයෙන් භාවිතා කළ ගිනි අවිය හොරණ පොලිස් බල ප්‍රදේශයේ බටුවිට ප්‍රදේශයේ නිවසක සගවා ඇති බවට තොරතුරු හෙලිවූ බව පොලිසිය සදහන් කළා.
හොරණ බටුවිට ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක සගවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය සගවා තිබියදී පොලීසිය සොයාගෙන තිබුණා.
පොලිසිය පැවසුවේ ටී 56 ගිනි අවියක්, එම මැගසිනයක් සහ පතුරම් 30 ක් මෙම වෙඩි තැබීම් සඳහා දුරකථන සන්නිවේදන සඳහා භාවිතා කළ ජංගම දුරකථන හතක් ද සොයාගැනීමට හැකිවූ බවයි.
එමෙන්ම මෙම නිවසේ සඟවා තිබූ තවත් ගිනි අවි රැසක් මේ වනවිට අස්ථානගත වී ඇති අතර එම ගිනි අවි සොයා ද ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.