පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවයි

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද එම X සටහනේ දැක්වෙනවා.

එමෙන්ම උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බවයි එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ

Share This