පාප් ධුරයට සුදුසු කාදිනල්වරු අතරට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේත්

පාප් ධුරයට සුදුසු කාදිනල්වරු අතරට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේත්

අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිවේදනය කරනවා.

මේ අතර, ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

ඒ කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීවයෙන්, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකින්.

මීළඟ පාප් වහන්සේ ලෙස අභිෂේක ලැබීමට වඩාත් සුදුසුකම් ඇති කාදිනල්වරුන් අතරට ශ‍්‍රී ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේද ඇතුලත්.

එමෙන්ම පිලිපීනයේ කාදිනල් ලූයිස් ඇන්ටෝනියෝ ටැගල් හිමි, ඉතාලියේ කාදිනල් පියෙට්‍රෝ පැරොලින් හිමි, ප‍්‍රංශයේ කාදිනල් ජින්මාක් ඇවලීන් හිමි, නෙදර්ලන්තයේ කාදිනල් විලෙමි අයිජික් හිම සහ ගිනියාවේ කාදිනල් රොබට් සාරා හිමි යන කාදිනල්වරුන් පිළිබඳවද ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Share This