පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක

පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෙදින නිල සංචාරයක් සඳහා හංගේරියාවට පැමිණ තිබෙනවා.

පාප් පදවියට පත්වීමෙන් පසු ඔහුගේ පළමු පූර්ණ සංචාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

යුක්‍රේන සහ රුසියානු යුද්ධයෙන් අනතුරුව කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වනවා.

එමෙන්ම පාප් වහන්සේ හංගේරියාවේදී දේව මෙහෙයන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.

හංගේරියාව සහ යුක්‍රේනය අතර කිලෝමීටර 134ක දේශසීමාවක් පවතින අතර හංගේරියාව යුක්රේනය අර්බුදය හමුවේ රුසියානු පාර්ශවය නියෝජනය කරනු ලබනවා.

Share This