පාපැදිකරුවන් සඳහා නව නීති පද්ධතියක්
ජපානයේ පාපැදිකරුවන් සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව නව නීති පද්ධතිය යටතේ පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කරන පාපැදිකරුවන්ට මාස හයක සිරදඬුවමකට මුහුණ දීමට හෝ යෙන් 100,000 දඩයක් නියම කිරීම සිදුවන බව සඳහන්.
2021 වසරේදී දී පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙන්ම වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිතා කිරීම වෙනුවට බයිසිකල් පැදීම තෝරාගෙන ඇති නිසා මෙම පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දුරකථන භාවිතය මැඩලීමට අමතරව, බීමතින් පාපැදි පැදවීම ද වැළැක්වීම උදෙසා නව නීති සම්පාදනය කර ඇති අතර එහිදී වසර තුනක සිර දඬුවමක් හෝ යෙන් 500,000ක දඩයක් නියමවන බව සඳහන්.
ඒ අනුව නව නීති යටතේ අනතුරු සිදු කරන පාපැදිකරුවන්ට යෙන් 300,000 දක්වා දඩයක් හෝ වසරක් දක්වා සිර දඬුවම් හිමිවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.