
පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරය ඇරඹෙයි
අද (14) දිනයේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනවා.
ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් කථානායකවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම කැඳවීම සිදු කර ඇත්තේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ලැබීමට නියමිත තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙනවා
එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා දින පස්වරු 2 සිට පස්වරු 7 දක්වා පැවැත්වීමටද නියමිතයි