පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විපක්ෂ නියෝජනය ඉහළට
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා විපක්ෂ නියෝජනය වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා
ඒ විපක්ෂය විසින් කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි
අද (06) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ එක් ධුරයක් වැඩි කිරීමට කටයුතු කරන බවයි