පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

පාරිභෝගික අධිකාරියේ බව සඳහන් කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට සහ ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් මුදල් ඉල්ලා තර්ජනය කරමින් සිදු කරන ජාවාරමක් සම්බන්ධයෙන් එම අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා

ඒ අනුව ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් පවසමින් සහ තමා පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියකු බව ප්‍රකාශ කරමිනුයි අදාළ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ.

ඒ හේතුවෙන් කිසියම් අයෙකුට එවැනි දුරකථන ඇමතුමක් ලැබුනොත් ළඟම ඇති පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ 1977, 0112 445 897, 0771 088 922 යන අංකවලට දැනුම් දෙන ලෙසයි
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා දැනුම් දෙන්නේ.

Share This