පාසල් ඇරඹෙන වේලාවේ අනාරක්ෂිතව දැව පටවා ධාවනය කළ ලොරියක් පොලීසිය භාරයට

පාසල් ඇරඹෙන වේලාවේ අනාරක්ෂිතව දැව පටවා ධාවනය කළ ලොරියක් පොලීසිය භාරයට

පාසල් ළමුන් ගමන් ගන්නා කාලය තුල දැඩි අනාරක්ෂිත ලෙස ලොරියේ තට්ටුවද ඉක්මවා දැව කඳන් පවටවාගෙන යමින් සිටි ලොරි රථයක් අද පොලිස් භාරයට ගෙන රියදුරු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පැවසුවා.

බණ්ඩාරගම නගරයේ රථ වාහන රාජකාරී යෙදී සිටි පොලිස්නිලධාරියකුගේ අවධානය අදාල අනාරක්ෂිතව දැව පැටවූ ලොරි රථය කෙරෙහි යොමු වීම හේතුවෙන් එය නවතා රියදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඇල්බීසියා දැව කදන් විශාල ප්‍රමාණයක් පටවා තිබු එම ලොරිය මාර්ගයේ ධාවනය කර තිබුණේ ඉතා අනාරක්ෂිතවයි.

බුලත්සිංහල, උඩුගල කන්දේ සිට මොරටුව දක්වා මෙම දැව ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය කළ විමර්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

 

Share This