පාසල් ඉගෙනීම් කටයුතුවලදී වට්ස්ඇප් භාවිතය ගැන චක්‍රලේඛයක්

පාසල් ඉගෙනීම් කටයුතුවලදී වට්ස්ඇප් භාවිතය ගැන චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලුම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බව සඳහන්.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට වට්ස්ඇප්, වයිබර් හා ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිත කිරීම හඳුන්වා දුන් අතර මේ වනවිටත් එම යෙදවුම් දරුවන් භාවිත කරමින් සිටින බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

ඒ හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වෙමින් පවතින බැවින් එම සන්නිවේදන යෙදවුම් භාවිතයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් හා අදාළ පාර්ශ්වයන් වෙත අදාළ චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

එම චක්‍රලේඛය පහතින්…

 

 

 

Share This