පාසලේ දඩුවම්වලින් බේරීමට පියා ගැන බොරු කියූ 07 හැවිරිදි දරුවා

පාසලේ දඩුවම්වලින් බේරීමට පියා ගැන බොරු කියූ 07 හැවිරිදි දරුවා

පාසලේ සිදුවන යම් ක්‍රියාකාරකම්වලින් වැළකීමට බොරු ප්‍රකාශ කිරීම පොදු ළමා හැසිරීමක් වනවා.

කෙසේ වෙතත්, මෑතකදී එක් චීන පිරිමි ළමයෙක් පාසලෙන් පැන යාමට ඇදහිය නොහැකි තරම් පුදුම සහගත පියවරක් ගෙන ඇති සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Lishuiහි හත් හැවිරිදි දරුවෙකු පොලිසියට අමතා තම පියා අතින් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව දැනුම් දී තිබෙනවා.

ඒ නිසා ඔහුට මෙතෙක් කල් පාසලේදී ගෙදර වැඩ නොකළ වරදට දඩුවම් ලබාදී නැහැ.

නිලධාරීන් වහාම ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

පොලිස් නිලධාරියා සහ දරුවා අතර සිදුව ඇති සංවාදයේදී නිලධාරියා දරුවාගෙන් ඔහුට පහර දුන්නේ කවුද, යනුවෙන් විමසා තිබෙනවා.

එහිදී දරුවා මගේ පියා බව පවසා ඇති අතර දරුවා හිතාමතාම දුක්බර ස්වරූපයක් ගැනීමට උත්සහ කරන බව නිලධාරියාට තේරුණු බව ඔහු සඳහන් කළා.

වැඩිදුර පරීක්‍ෂණවලින් පසුව හෙළිවී ඇත්තේ පිරිමි ළමයා විභාග ප්‍රශ්න පත්‍ර නිවැරදි කර අවසන් නොවූ නිසා පාසල මඟ හැරීමට මෙම කතාව ගොතා ඇති බවයි

Share This