පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් 11

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් 11

නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් 11

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් චෝදනා එල්ලවී සිටින නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබුණා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ෂංක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම වුණා.

මෙම නඩුවට අදාළව විත්තිකරුවන් සියලුදෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Share This