‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි‘ – අධිකරණ ඇමති කියයි

‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි‘ – අධිකරණ ඇමති කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවා.

ඒවා විමර්ශනවල කොටසක් බැවින්, මෙම තොරතුරු හෙළිදරව් කිරීමට පාර්ලිමේන්තුව පවා නියෝග නොකළ යුතු බවත් ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරු රජය හෙළිකළ යුතු බව පැවසූ සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වක්‍ර ආකාරයෙන් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අයට එසේ කිරීමට ඉඩනොදිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Share This